වැලන්ටයින් ! ආදරය කරන උන් ගැන කතා කරන එවුන් ඔනා තරම් . එතකොට ආදරය කරන්න කෙනෙක් නැති එවුන් ගැන කතාකරන්න එකෙක් නැ.
ආදරය සමරන්න ආදරවන්තයෙක් හෝ ආදරවන්තියක් ඔනැමද ? ජිවිතය රසවිදින්නට තනිකඩයෙකුට නොහැකිද ? ආදරය තනිකඩයකුට හො ආදරයෙන් ඇත් වුන කෙනෙකුට නැවත ලබන්නට නොහැකිද ? ආදරවන්තයන්ගේ දිනයක් ජිවිතය සමරන්නට දිනයක් උවමනාද ?
මේ සියල්ල හිතේ හොල්මන් කරන්න ගන්නකොට මම කාලයක් තිස්සේ අහපු සින්දුවක් අහන්න හිතුවා. මම කන්ට්‍රි මියුසික් වලට ගොඩක් කැමතියි. මේ ටිම් මැක්ග්ර්ව් හා ෆේත් හිල් ගයන ගීතයක්
" මේ සැදැවේ ....
මබේ හදවතට සමිපව...
ගයන්න ඉඩදෙනවද ...
ඔබේ ආදරය......
මගේ ජිවිතයට ගෙන ආවේ
කුමක්දැයි කියා
මා වෙනස්වුයේ කුමන කාරනයක් නිසාදැයි
ඔබ දන්නවාද....
ඒ ඔබ නිසාමයි "
මේ ගීතය පුරා ආදරය තිබේනවා. මේය ගයන්නේ තමන් ආදරය කරන තැනැත්තිය්ට නමුත්?
මේ ගීතය රසවිදින්නේ පෙම්වතුන් පෙම්වතියන් විතරද ?
මේ ගීතය මුමුනන්නේ ආදරවන්තයන් විතරද ?
"මිතුරනි ජිවිතය විදින්නට ඔබ තනිකඩ බව කිසිවිටෙක බලපාන්නේ නැ බලපාන්නේ ජිවිතය ගැන ඔබේ දැක්ම පමනයි. නිදහසේ සිතන්න රිසි සේ ජිවිතය විදින්න"
ඔබ කැමතිදේ කරන්න ,.... ඔබේ සිහින හබායන්න ..... ඔබ ඕබවෙනුවෙන්ම අවංක වන්න ?
ඔබ ඔබටම ආදරය කරන්න ගන්න. තනිකඩයින්ට තරම් ජිවිතයේ නිදහසක් හා සිහින හබායන්න හැකි තවත් කාලයක් නැ... පිරිසක් නොමැති තරම් සිහින හබා යන්න .....සියලු දෙනාටම ආදරය කරන්න
තනිකඩයින්ටත් වැලන්ටයින් තියෙනවා මචං දුක් වෙන්න එපා
9:02 AM
Posted in: 

1 ප්‍රතිචාර:
ඇයි වැලන්ටයින් ම ඕනද ආදරේ සමරන්න?
Post a Comment